Gossips

නේපාලයට දුම්රිය මාර්ගයක් තැනීමට ඉන්දියාවෙන් එකඟත්වයක්

ඉන්දියාවේ සිට නේපාලයේ කත්මන්ඩු නුවර දක්වා දුම්රිය මාර්ගයක් තැනීමට ඉන්දියාව එකඟවූ බව එරට මාධ්‍ය වාර්තා කළා.
ඉන්දියාවේ සංචාරයක නිරතවන නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඔලි සමඟ පැවති සාකච්ඡාවලදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඒ සඳහා ප්‍රතිඥාවක් ලබාදී ඇති බව සඳහන්.
චීනයද මේ වනවිට නේපාලය වෙත දුම්රිය මාර්ගයක් තැනීමට පියවර ගනිමින් සිටිනවා.
ටිබෙටයේ සිට කත්මන්ඩු නුවරට එම දුම්රිය මාර්ගය තැනීමට අදහස් කෙරෙන්නේ නේපාලයේ වෙළඳ කටයුතු ඉන්දියාව මත රඳා පැවතීම වැළැක්වීමටයි.
ඉන්දියාව ද මෙලෙස දුම්රිය මාර්ගයක් තැනීමට උනන්දුවක් දක්වන්නේ චීනයේ බලපෑම කලාපය පුරා පැතිරීම නිසා බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් අනාවරණ කළා.