Gossips

නේවි සම්පත් යළි රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ලුතිනන් කමාන්ඩ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් 'නෙවි සම්පත්' ලබන මස 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (29) නියෝග කර තිබෙනවා.
2009 – 2010 වර්ෂවලදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්කිරීම, ඔවුන් රඳවා තබාගෙන කප්පම් ලබාගැනීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබුණා.
ඔහු පසුගිය 13 වනදා දහවල් කොළඹ – කොටුව ලෝටස් මාර්ගයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණා.