Gossips

නෙළුව රෝහලේ වෛද්‍යවරයෙකුට තවත් වෛද්‍යවරයෙක් පහරදෙයි

ගාල්ල – නෙළුව ප්‍රාදේශීය රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු තමන්ට මරණ තර්ජනය කර පහර දුන් බවට එම රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නාලක ඉහල කොඩිප්පිලි මහතා පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ඔහු සඳහන් කළේ මීට පෙර අවස්ථා කිහිපයකදීද අදාළ වෛද්‍යවරයා තමන්ට පහරදීමට තැත්කළ බවයි.
ගාල්ල – නෙළුව ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නාලක ඉහලකොඩිප්පිලි මහතා ඊයේ පස්වරුවේ රෝහල් පරිශ්‍රය තුළ සිටින අවස්ථාවකදී එම රෝහලේ හිටපු වැඩබලන ස්ථානභාර වෛද්‍ය ආර්.පී වේවැල්දෙණිය මහතා සිය මෝටර් රථයෙන් එම ස්ථානයට පැමිණ මෙලෙස බහින් බස්ව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී නෙළුව ප්‍රාදේශීය රෝහලේ ස්ථානභාර වෛද්‍ය නාලක ඉහළ කොඩිප්පිලි මහතා පැවසුවේ ඊයේ සිදුවූ පහරදීම සම්බන්ධයෙන් තමන් නෙළුව පොලීසිය වෙත පැමිණිල්ලක් කළ බවයි.
තමන් නෙළුව රෝහලේ ස්ථානභාර වෛද්‍යවරයා ලෙස පත්වී පැමිණි දා සිටම වෛද්‍ය ආර්.පී වේවැල්දෙණිය මහතා තමන්ට විවිධ ආකාරයේ හිරිහැර සිදුකළබවත් ඒ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා 04 කදී නෙළුව පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් කල බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.