Politics Sri Lanka

නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ හොර දොස්තරවරුන් 18ක්

නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ හොර දොස්තරවරුන් 18ක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියපදිංචිය නොමැති සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් 18 දෙනෙකු නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ සේවය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‍ලේකම් හරිත අලුත්ගේ මහතා පවසයි.ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (07) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. හෙතෙම වැඩිදුරටත් පැවැසුවේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ සිටින සුදුසුකම් නොලත් වෛද්‍යවරුන්ගේ නාම‍ලේඛනය තම සංගමය සතු බවයි. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත් බව පසුගිය කාලයේ පැවැසූ බවද මේ අනුව මහා භාණ්ඩාගාරයෙන් මාසයකට රුපියල් මිලියන 300ක මුදලක් නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් වෙන් කරන බවද හෙතෙම පැවැසීය.එබැවින් වෛද්‍යවරු නොවන මෙම පිරිසට වැටුප් ගෙවන්නේ නෙවිල් ප්‍රනාන්දු මහතාගේ සාක්කුවෙන් නොවන බවත් මහා භාණ්ඩාගාරයේ මුදල්වලින් බවත් හෙතෙම කීය. මේ පිළිබඳව සෞඛ්‍ය ‍ලේකම්වරයා වහාම පැහැදිලි කළ යුතු බව හෙතෙම කීය.නෙවිල් ප්‍රනාන්දු රෝහල වහාම විකුණන බවට පුවත්පත්වල දැන්වීම් පළකර තිබූ බව ඒ මහතා පැවැසීය. රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියූ පරිදි නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නේ නම් නෙවිල් ප්‍රනාන්දු මහතා මෙය විකුණන්නේ කෙසේද යන්න රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ප්‍රශ්න කරයි.