Gossips

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පැවරීම ගැන ජනපති කොමිසමෙන් පරීක්ෂණ

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජයට පවරා ගැනීමට අදාළව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කළේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත් බව කියමින් ප්‍රෝඩාවක් සිදුකර රෝහල් වියදම් සහ නඩත්තු සඳහා රාජ්‍ය මුදල් යොදාගෙන ඇති බවට අදාළ පැමිණිල්ලේ සඳහන් වන බවයි.
එසේම එහි හෙද කාර්ය මණ්ඩල 30 ක් සඳහා කාසල් වීථියේ කාන්තා රෝහල මගින් වැටුප් සහ අතිකාල දීමනා ගෙවීමට උපදෙස් ලබාදී ඇති බවද පැමිණිල්ලේ දැක්වෙනවා.
මේ අතර කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවූ වංචාවක් සහ ස්වාධීන රූපවාහිනියට අදාළ සිද්ධියක් පිළිබඳවද මූලික විමර්ශන කටයුතු ආරම්භ කළ බව 2015 – 2018 කාලය තුළ රජයේ ආයතනවල සිදුවූ වංචා ගැන සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහන් කළා.