නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ තම මව වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා මියගොස් ඇති බවට මාළඹේ – වැලිවිට ප්‍රදේශයේ කාන්තාවක් චෝදනා කරනවා.
මීට දින 12 කට පෙර නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇයගේ මව ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර තිබුණේ අතක ඇති වූ වේදනා තත්ත්වයක් හේතුවෙන්.
ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරුන් මෙය පිලිකා තත්ත්වයක් බවට නිගමනය කර ශල්‍යකර්මයක් සිදුකළ යුතු බව පවසා තිබෙනවා.
පසුව පෙරේදා මෙම ශල්‍යකර්මය සිදුකිරීමෙන් පසුව 73 හැවිරිදි තම මව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන මිය ගිය බවයි දියණිය කියා සිටියේ.
ඇය තවදුරටත් ප්‍රකාශ කළේ වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් තම මව මියගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම චෝදනාව සම්බන්ධයෙන් විමසීම සඳහා හිරු ප්‍රවෘත්ති අංශය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළා.
රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ අදාළ කාන්තාවගේ මෘත ශරීරය මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇති අතර එම වාර්තාව ලැබෙනතුරු කිසිදු ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි.