Gossips

නෙලුම්දෙණියේ අනතුරකින් පුද්ගලයෙකු මරුට

කෑගල්ල නෙලුම්දෙණිය මොරවක ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
අද උදෑසන 8 ට පමණ ගම්පොළ සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පසුකර යාමට ගිය ත්‍රී රෝද රථයක් කුඩා වෑන් රථයක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.
අනතුරත් සමග ත්‍රී රෝද රථයේ ගිය පිරිස මාර්ගයේ ඇද වැටී ඇති අතර බස් රථය ඔවුන් මතින් ධාවනය වී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.
ත්‍රී රෝද රථයේ රියදුරා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
ඔහු වරකාපොළ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.
ත්‍රී රෝද රථයේ ගමන් කළ 39 හැවිරිදි පියෙක් සහ ඔහුගේ 17 හැවිරිදි දියණිය අනතුරින් බරපතල තුවාල ලබා කෑගල්ල මූලික රෝහලට ඇතුලත් කෙරුනා.
ත්‍රී රෝද රථය ගැටුනු කුඩා වෑන් රථය ද ඇලකට පෙරලී ඇතැයි සඳහන්.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා සහ කුඩා වෑන් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර දැදිගම පොලිසිය විමර්ශණ සිදු කරනවා.