Gossips

නෙදර්ලන්ත වෙඩි ප්‍රහාරයෙන් තිදෙනෙකු මරුට

නෙදර්ලන්තයේ යූට්‍රැක්ට් හි ධාවනය වූ ට්‍රැම් රථයක් ඉල්ලක කරමින් අද පස්වරුවේ එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එරට පොලිසිය සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් බවට සැකකරන බවත් ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.