Gossips

නෙතන්යාහු බේරේ

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ වැටීම වළක්වා ගැනීමට අද හැකි වී තිබෙනවා.
ඒ, පාලක සන්ධානයේ තවත් පාර්ශවකරුවෙකු රජයෙන් ඉවත්වීමේ තීරණය වෙනස් කිරීම හේතුවෙන්.
ගාසා තීරයේ හමාස් සන්නද්ධ කණ්ඩායම සමඟ සටන් විරාමයකට එළඹීම හේතුවෙන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ඉවත්වීමත් සමඟයි අර්බුදය ආරම්භ වුණේ.
දැනට ආසන 120කින් යුත් ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ අගමැති නෙතන්යාහුගේ රජයට පවතින්නේ එක් අසුනක බහුතරයක්.