Gossips

නූලෙන් බේරුණු මාරක අනතුර (ඡායාරූප)

ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් තුලට උණ පඳුරක් කඩා වැටීම හේතුවෙන් නොටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ ඇඩිස් ප්‍රදේශයේදී අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ එම මගී ප්‍රවාහන ලංගම බස් රථයේ මගීන් නොසිටීම හේතුවෙන් සිදුවන්නට තිබූ විශාල අනතුරක් වැළකීගොස් ඇති බවයි වාර්තාවන්නේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ල ඩිපෝවට අයත් ලංගම බස් රථයක්.
අද (09) උදැසන 6 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ධාවනය වෙමින් තිබූ බස් රථය දෙසට අධික සුළඟ සමඟ එක්වරම මෙම උණ පඳුර නැවී යාමෙන් බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.
එහිදී එක් උණ ලීයක් රියදුරුගේ හිසට ඉහළින් බස් රථය සහ මගී අසුන් කිහිපයක් පසාරු කරගෙනගොස් නතරවී තිබෙනවා.
අනතුරින් බස් රථයට දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.

(ඡායාරූප – රංජිත් රාජපක්ෂ)