මාතර – නූපේ ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අද අලුයම මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ අලෙවිසලෙහි කිසිවෙකුත් සිට නොමැති බවටයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
