Gossips

නුවර පාරේ වරකාපොල නගරයේ දැඩි රථ වාහන තදබදයක්

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරයේ දැඩි මාර්ග තදබදයක් පවතින බව පොලීසිය පවසනවා.
ඒ හේතුවෙන් අනුරාධපුර, පොළොන්නරුව හා කුරුණෑගල දෙසට ධාවනය වන පෞද්ගලික රථ වාහන වලට පස්යාල, ගිරිඋල්ල මාර්ගය භාවිත කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
කෙසේ වෙතත්, මගී බස් රථ වලට වරකාපොල නගරය හරහා වන මාර්ගය භාවිත කළ හැකි අතර, ඉහත විකල්ප මාර්ග භාවිත කරමින් මාර්ග තදබදය අවම කිරීමට සහය වන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.