Gossips

නුවරඑළිය – කිරිමැටියේ නාය යාමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු ඉවත් කෙරේ

වැසි සහිත කාලගුණ තත්ත්වයක් හේතුවෙන් නුවරඑළිය – කිරිමැටිය ප්‍රදේශයේ නාය යාමේ අවදානමක් නිසා පවුල් 9කට අයත් පුද්ගලයින් 30 දෙනෙකු ඉවත් කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් එම ප්‍රදේශයේම කඳවුරක රදවා ඇති බවයි.
මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ මහනුවර ප්‍රදේශවල රිය ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් සිදුකළා.