Gossips

නුවරඑළියේ බස් රථයක් පෙරළී 13 දෙනෙකු රෝහල් ගත කෙරේ

නුවරඑළිය – තෙරිපැහැ – නිල්දණ්ඩහින්න මාර්ගයේ අඹන්ඇල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද (27) පෙරවරුවේ තෙරිපැහැ ප්‍රදේශයේ සිට නිල්දණ්ඩහින්න දක්වා ධාවනය වූ මෙම බස් රථය රියදුරුට පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුවී ඇත්තේ.
තුවාල ලැබූ මගීන් නිල්දණ්ඩහින්න ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලීසිය සඳහන් කළේ.