Gossips

නුවරඑළියේ එළවළු ගොවීන්ගෙන් මැසිවිලි

අධික වර්ෂාවත් සමඟ අස්වැන්න විනාශවීම නිසා තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට පත්ව ඇති බව නුවරඑළිය එළවළු ගොවීන් පවසනවා.
හැටන්, තලවකැළේ, බෝපත්තලාව, ඩයගම, නුවරඑළිය සහ අඹේවෙල යන ප්‍රදේශවල වගා කරන ලද එළවළු පසුගිය දිනවල ඇද හැලුණු වර්ෂාවත් සමඟ විනාශ වී ඇති අතර, මේ නිසා වෙළඳපොළේ උඩරට එළවළු මිල ද සියයට 50කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.