නුවරඑළිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙසට රොෂාන් ගුණවර්ධන පත්කර තිබෙනවා.
එමෙන්ම නුවරඑළිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙසට ද ජනාධිපතිවරයා විසින් ඔහු පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
රොෂාන් ගුණවර්ධන අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තා.
