ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හා පුහුණුකරුවෙකු වූ නුවන් සොයිසාට තාවකාලික තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන පනතේ වගන්ති තුනත් උල්ලංඝණය කිරීම තහනමට හේතුවයි.
මෙම තහනම වහාම ක්‍රියාත්මක වන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.
ඒ සම්බන්ධයෙන් දින 14 ක් ඇතුළත කරුණු දක්වන ලෙසද ඔහුට දැනුම්දී ඇති බවයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.
