රුපියල් ලක්ෂ 121කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලීසිය පවසනවා.
ඒ අනුව ඔවුන් අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
නුගේගොඩ – පාගොඩ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ඊයේ මොවුන් අත්අඩංගුවට ගත්තේ එම හෙරොයින් තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි.
එහිදී ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 11ක් හමුවූ අතර, සැකකරුවන් 25 සහ 34 වියේ පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
