Gossips

නුගේගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

නුගේගොඩ – පැල්වත්ත පාර ප්‍රදේශයේදී නිවසකදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඊයේ දහවල් ඝාතනය කර තිබෙනවා.
එහිදී තවත් කාන්තාවකටද තුවාල සිදුව ඇති බවයි මිරිහාන පොලීසිය සඳහන් කළේ.
ඝාතනයට ලක්වූ කාන්තාව නුගේගොඩ ප්‍රදේශයේ නිවසක මෙහෙකාරියක් ලෙස කටයුතු කර ඇති අතර, තුවාල ලබා ඇත්තේ එම නිවසේ හිමිකාර කාන්තාව බවයි පොලීසිය සඳහන් කළේ.
එලෙස තුවාල ලැබූ කාන්තාව මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඝාතනයට ලක්වූ කාන්තාව වයස අවුරුදු 69 ක් වන දොම්පේ – මීගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එම කාන්තාවගේ මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.