Gossips

නීතීඥ අරුණ ලක්සිරිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

නීතීඥ අරුණ ලක්සිරි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරු තහනමක් නිකුත් කර තිබියදී කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුව කැඳවීමෙන් අධිකරණයට අපහාස වී ඇති බව පවසමින්.
අද (10) පෙරවරුවේ ඔහු එම පෙත්සම ගොනුකර ඇති අතර, එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නම් කර තිබෙනවා.