Gossips

නීතීඥ අජිත් ප්‍රසන්නට පහරදුන් තෙවරප්පෙරුම සහ හේෂා අත්අඩංගුවට

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරුප්පෙරුම සහ හේෂා විතානගේ කොල්ලූපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අද දිනයේ පොලිසිය වෙත භාර වීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.
අරලියගහ මන්දිරය ආසන්නයේදී පසුගිය 01 වනදා සිදු කළ මෙම පහර දීමෙන් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න තුවාල ලැබූ අතර අනතුරුව ඔවුන්ට එරෙහිව පැමිණිල්ලක් ද සිදු කර තිබුණා.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරුන් දෙදෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.