Gossips

නීතීඥවරයෙකු ඇතුළු තුන්දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ නීතීඥවරයෙකු ඇතුළු තුන්දෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොල්ලුපිටිය පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද (17) අලුයම මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මෙහිදී අත්අඩංගුවට ගත් නීතීඥවරයා පුත්තලම – ප්‍රධාන වීථියේ පදිංචි 38 හැවිරිදි අයෙකු වන අතර ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 110 ක් සොයාගෙන තිබෙනවා.
එසේම පුත්තලම – සම්මපුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු සහ පුත්තලම – පෝල්ස් පාරේ පදිංචිකරුවෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති හමුවූ බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.