Gossips

නීති විරෝධී ලෙස ගෙන ආ දුම්වැටි සහ මත්පැන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ඩුබායි හි සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ මත්පැන් බෝතල් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු
අද (28) ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන්ගෙන් එක් අයෙක් 41 හැවිරිදි කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් පුද්ගලයා 20 හැවිරිදි මාකොළ, සියඹලාපේ පදිංචිකරුවෙක්.
මෙහිදී දුම්වැටි 49,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 249 ක් සහ විදේශීය මත්පැන් බෝතල් 07ක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවටගත් දුම්වැටි සහ මත්පැන් වල වටිනාකම රුපියල් 25,11,000 ක් පමණ වන බවයි රේගුව පවසන්නේ.
ගුවන්තොටුපල රේගුව වැඩිදුර විමර්ශන සිදුකරනවා.