නීති විරෝධී මත්පැන් ලීටර් 120 ක් සමග මොරටුව ලුනාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිස්ස කොට්ඨාශ දුෂණ මර්දන අංශයට ලැබුනු තොරතුරකට අනුව අද දහවල් සැක කටයුතු ත්‍රී රෝද රථයක් නවතා පරීක්ෂා කිරීමේදීයි මෙම මත්පැන් හමුවී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
