Gossips

නීති විරෝධී මත්පැන් පෙරූ කාන්තාවක් අත්අඩංගුවට (ඡායාරූප)

මදුනාගල වැව උපයෝගී කර ගනිමින් නීති විරෝධී මත්පැන් නිශ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද පෙරවරුවේ වැටලීම සිදුකර ඇත්තේ අම්බලන්තොට පොලිස් බුද්ධි අංශයට ලැබුනු තොරතුරුවලට අනුවයි.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකාර කාන්තාව මත්පැන් පෙරමින් සිට ඇතැයි ද සඳහන්.
එම ස්ථානයේ තිබී ගෝඩා බැරල් 5 ක්, නීති විරෝධී මත්පැන් බැරල් එකක්, ගෑස් ලිපල් 2 ක් සහ තඹ දඟර දෙකක් ද සොයාගෙන තිබෙනවා.
ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ 7 ක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකාර කාන්තාව මීට පෙර ද නීති විරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අයෙක් බව සඳහන්.
එමෙන්ම ඇය දීර්ඝ කාලයක සිට මෙම ජාවාරමේ නිරතවන බව ද හෙළිවී තිබෙනවා.
සැකකාරිය හම්බන්තොට මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඡායාරූප – අම්බලන්තොට අජිත් පුෂ්පකුමාර