කන්දකැටිය – පරණ මහියංගණ පාර ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් කන්දකැටිය පොලිසිය විසින් වටලා තිබෙනවා.
අද (26) උදෑසන 8.00ට පමණ පොලිසිය මෙම වැටලීම සිදුකර ඇති අතර වැටලීමේදී අවුරුදු 28, 47 සහ 55 වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
පොලිසියට ලැබුණු ඔත්තුවක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.
කලක් තිස්සේ මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වා ගෙන ගොස් ඇති බවයි කන්දකැටියේ පොලිසියේ ප්‍රකාශයෙකු කියා සිටියේ.
