Gossips

නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ඩුබායි සිට නීති විරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලංකික ගුවන් මගියෙකු ගුවන්තොටුපල රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද(25) අලුයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරුගේ ගමන්මලු තුළ තිබී දුම්වැටි කාටුන් 174ක් රේගු නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ වටිනාකම ලක්ෂ 20කට ආසන්න බවයි රේගු නිලධාරින් පවසන්නේ.