නීතිවිරෝධී ලෙස ගමන් මළු තුළ සඟවා රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි නාරම්මල – උහුමීය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න ප්‍රකාශ කළේ.
ගමන් මළු 4ක තිබී දුම්වැටි 32,400ක් සොයාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් 16 ලක්ෂ 20,000ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.
