නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රේගු නිලධාරින් විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු සතුව තිබී දුම්වැටි 28,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 140 රේගු නිලධාරින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 14 ක් පමණ වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා අප සමඟ පවසා සිටියේ.
රේගු නිලධාරින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
