Gossips

නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට දුම්වැටි තොගයක් ගෙන ආ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අද ( 31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙක් කොළඹ – පිටකොටුව ප්‍රදේශයේ පදිංචි 29 වන පුද්ගලයෙකු වන අතර, ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 5 ක් වටිනා දුම්වැටි 10,000 ක් අඩංගු කාටුන් 50 ක් සොයා ගෙන ඇති බව සඳහන්.
42 හැවිරිදි අනෙක් සැකකරු කොට්ටාරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර රුපියල් 150,000 ක් වටිනා දුම්වැටි කාටුන් 15 ක් ඔහු ළඟ තිබී සොයා ගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා සිය ගමන් මල්ලේ සඟවාගෙන මෙම දුම්වැටි තොගය රැගෙනවිත් ඇති බව සඳහන්.
සැකකරුවන් දෙදෙනාට රුපියල් 50,000 ක සහ 10,000 ක දඩ මුදලක් ද නියම කිරීමට ගුවන්තොටුපල රේගුව කටයුතු කර තිබෙනවා.