Gossips

නීති විරෝධී ඖෂධ තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට (ඡායාරූප)

නීති විරෝධී ඖෂධ තොගයක් සමග ඒවා විදේශ ගත කිරීමට රැගෙන ආ නියෝජිතවරයෙකු අද (07) රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු උප නියෝජිතවරයෙකු මගින් එක්සත් රාජධානිය වෙත යැවීම සදහා මෙම ඖෂධ තොගය පෞද්ගලික කූරියර් සමාගමකට භාර දී ඇති බවයි මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
ඩයසපෑම් (Diazepam) නැමති මෙම ඖෂධය වෛද්‍ය අනුමැතියකින් තොරව නිකුත් කිරීම තහනම් කරන ලද ඖෂධයක්.
සැකකරු විසින් රැගෙන යාමට උත්සහ කළ පාර්සලය තුළ මෙම ඖෂධ පෙති 120,000 ක් තිබු අතර , ඒවායේ වටිනාකම රුපියල් 1,20,000 ක් පමණ වන බවයි රේගු නිලධාරින් පැවසුවේ.
රේගු නිලධාරින් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරනවා.

(ඡායාරූප – ටි.කේ.ජී කපිල)