සංචාරක වීසා මත පැමිණ, ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මුතූර් – පට්ටිතිඩාල් ප්‍රදේශයේදී වෙළඳාමේ නිරත වූ ඉන්දීය ජාතිකයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ඊයේ රෙදි අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහුගේ වයස අවුරුදු 31 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා අද මුතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
