Gossips

නීති විරෝධීව ප්‍රංශය බලා යද්දී ඇල්ලූ ශ්‍රී ලාංකිකයින් 21 දෙනා රිමාන්ඩ් (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස බෝට්ටුවක් මාර්ගයෙන් ප්‍රංශය බලා ගමන් කරමින් සිටියදී නාවික හමුදාව අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 21 දෙනා මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔවුන් අද (06) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ධීවර කටයුතුවල යෙදෙන මුවාවෙන් ගමන් කළ මොවුන් පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹට නාවික සැතපුම් 117ක් දුරින් පිහිටි මුහුදේදියි.
මීගමුව ප්‍රදේශයේ පදිංචි මෙම පිරිසට පිරිමි පුද්ගලයින් 19 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළත්.