Gossips

නීති විරෝධීව ගෙන ආ රත්‍රන් සමග කටුනායකදී පුද්ගලයෙකු අත්අඩංගුවට

නීති විරෝධීව ස්වර්ණාභරණ තොගයක් මෙරටට රැගෙන ආ ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද දහවල් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා හම්බන්තොට පදිංචි 29 හැවිරිදි රෙදිපිළි ව්‍යාපාරිකයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරු සිය ඇඳුම්වල සගවා රත්‍රන් මාල, වළලු, අත් පළඳනා ඇතුලුව ග්‍රෑම් 339 ක් බරැති ස්වර්ණාභරණ රැගෙන විත් තිබුනා.
ඒවායෙහි වටිනාකම රුපියල් 2,034,000 ක් බවට ගණන් බලා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපල රේගුව වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.