Gossips

නීති විදුහල ඉදිරිපිට අදත් උණුසුම්

නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් දෙකක වාර්ෂික නිළවරණය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුකාරී තත්වය පිළිබදව අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන බදාදා අවසන් තීරණයකට එළඹෙණ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් අද (02) නීති විද්‍යාලයේදී සිදුකෙරුණු අතර, එහිදී සභාපතිවරයාට එම භූමියට ඇතුළුවීමට ශිෂ්‍යයින් ඉඩ ලබාදුන්නේ නැහැ.
මේ අතර, මතභේදාත්මක තත්ත්වය හමුවේ තවත් ශිෂ්‍ය කණ්ඩායමක් ගේට්ටුව විවෘත කිරීමට උත්සාහ දැරීමත් සමඟ යළි නොසන්සුන් තත්වයක් උද්ගත වුණා.
කෙසේ වෙතත්, නීති විද්‍යාල භූමියට ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා ඇතුළු වූ අතර, යළි පිටතට පැමිණීමේදී අප කළ විමසීමකදී ඔහු සදහන් කළේ විරෝධය පළ කළ කණ්ඩායම නොමැතිව විමර්ශනය සිදුකළ බවයි.
නීති විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ සහ නීති ශිෂ්‍ය සිංහල සංගමයේ වාර්ෂික නිළවරණය ඊයේ (01) එම විද්‍යාලයේදී පැවැත්වුණු අතර, ඊට ප්‍රගතිශීලී සහ ස්වාධීන ලෙස කණ්ඩායම් දෙකක් තරඟ කළා.
නමුත්, ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් නොමැති අයෙකුගේ ඡන්දයක් ප්‍රකාශ කිරීම හේතුවෙන් නිළවරණය නැවත පවත්වන ලෙස ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම ඉල්ලීමක් කළා.
ඒ, නීති විද්‍යාලයේ විදුහල්පතිනී ජනාධිපති නීතිඥ ඉන්දිරා සමරසිංහ කාර්යාල අඩස්සියට ගනිමින්.