Gossips

නීති අධ්‍යාපනය, පාසල් විෂය නිර්දේශයට

පාසල් විෂය නිර්දේශය සඳහා නීති අධ්‍යාපනය ඇතුළත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
පාසල් වයසේ සිටම දරුවන්ට නීති අධ්‍යාපනය පිළිබදව දැනුමක් ලබාදීම මෙහි අරමුණයි.
ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින්.
ඒ පිළිබදව නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ සඳහන් කළේ නීති අධ්‍යාපනය, පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම වත්මන් රජය ලද ජයග්‍රහණයක් බවයි.