Gossips

නීතිවේදී සුගන්ධිකා ප්‍රනාන්දුට අධිකරණයෙන් අවවාද

අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය පැදවීමේ වරදක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ නීතිවේදී සුගන්ධිකා ප්‍රනාන්දු අධිකරණය ඉදිරියේ වරද පිළිගත්තා.
ඒ අදාළ නඩුව අද (01) කොළඹ රථවාහන අධිකරණයේ විභාග කළ අවස්ථාවේදීයි.
එහිදී අධික වේගයෙන් රිය පැදවීමේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් තමන් වැරදිකරු බවට නීතිවේදී සුගන්ධිකා ප්‍රනාන්දු පිළිගෙන තිබෙනවා.
ඒ අනුව ඇයට අවවාද කර මුදා හැරීමටයි කොළඹ රථවාහන අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය නියෝග කළේ.
අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 117ක වේගයෙන් රිය පැදවීමේ වරදට පෑලියගොඩ පොලීසිය විසින් ඇයට එරෙහිව අධිකරණයේ චෝදනා ගොනු කර තිබුනා.
කෙසේ වෙතත් නීතිවේදියෙකුගේ සහායක් නොමැතිව ඇයම විත්තිකූඩුවට නැග වරද පිළිගැනීම විශේෂත්වයක්.