නීතිවිරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 30 දෙනෙකු නාවික හමුදාව අද අලූයම අත්අඩංගුවට ගනු ලැබුවා.
නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ දකුණු මුහුදේ නාවික සැතපුම් 80ක් දුරින් යාත්‍රා කළ සැක කටයුතු යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.
මේ වන විට ඔවුන් ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බවයි නාවික හමුදාව සඳහන් කළේ.
