Gossips

නීතිවිරෝධී විදේශ මුදල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස විදේශ මුදල් තොගයක් රැගෙන යෑමට තැත්කළ ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (05) රාත්‍රීදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.
ඇය සතුව තිබී ඇමෙරිකානු ඩොලර්, යූරෝ සහ නෝර්වීජියානු ක්‍රෝනර් තොගයක් රේගු නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුව මුදල් ප්‍රමාණයේ මුළු වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 23,75,383 ක් පමණ වන බවයි පරීක්ෂණ පවත්වන රේගු නිලධාරින් කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගුව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර අත්අඩංගුවට ගත් මුදල් තොගය රාජසන්තක කර තිබෙනවා.