නීතිවිරෝධී ලෙස මතුගම කර්මාන්තශාලාවක සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයින් 49 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
අද (02) පෙරවරුවේ මෙම ඉන්දීය ජාතිකයින් 49 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ සංචාරක වීසා මත පැමිණ රැකියාවේ යෙදීම සහ එම වීසා කල් ඉකුත්වීම හේතුවෙන්. 
මීට පෙර පසුගිය 25 වන දා ද ඉන්දීය ජාතිකයින් 24 දෙනෙකු ඉංගිරිය ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවය කරමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවා. 
පසුව ඔවුන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මතයි මෙම ඉන්දීය ජාතිකයින් 49 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ. 
ඉංගිරියේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් 24 දෙනා මිරිහාන රැඳවුම් කදවුරේ දින කිහිපයක් රදවා සිටීමෙන් අනතුරුව යළි ඉන්දියාව බලා පිටත් කර යැවූ බවයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන්  කළේ.



