ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස රැගෙන ගිය රත්‍රන් කිලෝග්‍රෑම් 32 කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවේ – තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගර ආශ්‍රිතව, අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිට රැගෙන යාමෙන් පසු චෙන්නායි නුවරට එම රත්‍රන් රැගෙන විත් ඇත්තේ අලෙවිය සඳහා බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනෙකු ද තමිල්නාඩු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම රත්‍රන් තොගය පැය 24 ක කාලයක් තුළ අත්අඩංගුවට ගැනීම විශේෂත්වයක්.
පසුගිය අඟහරුවාදා තමිල්නාඩුවේ – මන්නඩි ප්‍රදේශයේදී, රන් කිලෝග්‍රෑම් 12 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම රන් තොගය ශ්‍රී ලංකාවේ සිට රැගෙන ආ කාන්තාවක විසින් ඔහු වෙත ලබාදී ඇති බව සඳහන්.
චෙන්නායි හි කීලකාරයි ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ රන් කිලෝග්‍රෑම් 8 කට වැඩි ප්‍රමාණයක් ද සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.
එයත් සමඟ මේ වනවිට රන් කිලෝග්‍රෑම් 32 යි ග්‍රෑම් 249 ක් සොයා ගැනීමට තමිල්නාඩු පොලීසිය සමත්වී තිබෙනවා.
මෙම රත්රන් සියල්ල ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් තමිල්නාඩු වෙරළට රැගෙන ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
පසුගිය වසරේදී මෙලෙස ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුව හරහා ඉන්දියාවට රත්‍රන් කිලෝ 105 ක් පමණ රැගෙනගොස් ඇති බව හෙළි වී තිබෙනවා.
