Gossips

නීතිවිරෝධී ලෙස රැගෙන ආ විදේශ මුදල් තොගයක් සමග අයෙක් අල්ලයි

රුපියල් ලක්ෂ 78 ක් පමණ වටිනා විදේශ මුදල් තොගයක් , රේගුවට ප්‍රකාශ නොකර නීතිවිරෝධී ලෙස තායිලන්තය වෙත රැගෙන යෑමට තැත් කළ චීන ජාතිකයෙකු අද(04) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක සේවය කරන 40 හැවිරිදි චීන ජාතිකයෙක්.
ඔහු අද (04) දින අලුයම 1.30 ට පමණ තායිලන්තයේ බැංකොක් බලා පිටත්ව යන තායි ගුවන් සේවයේ ටී.ජී. -308 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ නීතිවිරෝධී ලෙස ඇමෙරිකානු ඩොලර් 50,100 ක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම චීන ජාතිකයා සහ මෙම විදේශ මුදල් තොගය අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.