Gossips

නීතිවිරෝධී ලෙස රැගෙන ආ ලක්ෂ 26ක දුම්වැටි ගුවන් තොටුපළේදී අල්ලයි (ඡායාරූ )

සාජා සිට අද (04) අලුයම 4.30ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන්ගේ ගමන් මළුවල සඟවා තිබූ දුම්වැටි 48,400ක් අඩංගු කාටුන් 242ක් රේගුවේ මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශය විසින් සොයාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් විසි හය ලක්ෂ 62,000ක් ලෙස තක්සේරු කර තිබෙනවා.
මෙලෙස රේගු භාරයට ගෙන ඇත්තේ පුත්තලමේ පදිංචි වයස අවුරුදු 46ක් සහ 48ක් වන පුද්ගලයන් දෙදෙනෙක්.



ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී. කපිල