Gossips

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රත්‍රං තොගයක් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ එක්කෝටි හතලිස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමග සිව් දෙනෙකු ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පිරිස ඉන්දියාවේ – මුම්බායි හි සිට ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණි බවයි ගුවන්තොටුපල රේගුව කියා සිටියේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර සැකකාරියන් තුන්දෙනෙකු සහ එක් සැකකරුවෙකු සිටින බව සදහන්.
ඔවුන් රැගෙන ඒමට උත්සාහ කළ රත්‍රං තොගයේ බර කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් පන්සියය ඉක්මවන බවයි රේගුව ප්‍රකාශ කළේ.