විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ගුවන්තොටුපලේ අපරාධ පරීක්ෂණ නිලධාරින් දෙපාර්තමේන්තුවේ විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටාර් රාජ්‍යයේ සිට පැමිණි මොවුන් කුරුණෑගල සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
ඔවුන් දීර්ඝ කාලයක සිට මෙලෙස විදේශ රටවලට ගොස් නීතිවිරෝධී ලෙස මෙරටට භාණ්ඩ රැගෙනවිත් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
ඔවුන්ගේ ගමන් මළුවල තිබී නීති විරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි කාටුන් 263 ක් සොයා ගෙන තිබෙනවා.
