Gossips

නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන ආ චීන ජාතිකයන් තුන්දෙනෙකු ගුවන්තොටුපලේදී රේගු අත්අඩංගුවට

රුපියල් තිස්පන් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකයන් තුන්දෙනෙකු ඊයේ මධ්‍යම රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හොංකොං සිට ඊයේ රාත්‍රී 11 යි 55 ට ළගා වූ සී.එක්ස් – 611 දරණ යානයෙන් පැමිණි මොවුන් අතර කාන්තාවක ද සිටින බව සදහන්.
මොවුන්ගේ ගමන් මළු තුළ දුම්වැටි 63,600 ක් අඩංගු කාටුන් 318 ක් සගවා තිබූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.
ඒවායේ වටිනාකම රුපියල් තිස් හතර ලක්ෂ අනූ අට දහසක් ලෙස තක්සේරු කර තිබෙනවා.