Gossips

නීතිවිරෝධී ලෙස දුම්වැටි රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

චීනයේ සිට අද (02) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 39ක් සහ 40ක් වන මෙම කාන්තාවන් දෙදෙනා දුම්වැටි කාටුන් 200ක් එනම් දුම්වැටි 40,000ක් රැගෙන විත් ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් විසි ලක්ෂයකට අධිකයි.
දුම්වැටි තොගය රාජසන්තක කළ රේගුව අදාළ චීන ජාතික කාන්තාවන් දෙදෙනා දැඩි සේ අවවාද කර මුදා හැර තිබෙනවා.