Gossips

නීතිවිරෝධී ලෙස දුම්වැටි සහ කරඳමුංගු ගෙනා දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධිව ඩුබායි සිට මෙරටට ගෙන ආ දුම්වැටි සහ කරඳමුංගු තොගයක් සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් දස ලක්ෂ 600කට අධික බවයි රේගුව සඳහන් කළේ.
එමෙන්ම ඔවුන් සතුව තිබී සොයාගත් කරඳමුංගු තොගයේ බර කිලෝග්‍රෑම් 30ක් වන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් ජාඇල – කොටුගොඩ සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන්.
අදාල දුම්වැටි සහ කරඳමුංගු තොගය රාජසන්තක කර සැකකරුවන්ට දඩ නියම කිරීමෙන් පසුව මුදා හැර තිබෙනවා.