කොල්ලූපිටිය – ගාලූපාරේ – ග්ලේන් හාබර් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් තොගයක් සමග චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොල්ලූපිටිය පොලීසියේ නිලධාරින්ට ඊයේ ලද තොරතුරකට අනුව නිවසක් පරීක්ෂා කිරීමේදී ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, එම කාන්තාවගේ වයස, අවුරුදු 37 ක්.
ඇය නිවසේ සගවා තිබූ මත්පැන් ලීටර් 218 ක් එම වැටලීමේදී සොයා ගෙන තිබෙනවා.
එසේම, චීන ජාතික කාන්තාව වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
