Gossips

නීතිවිරෝධී මත්පැන් තොගයක් මඩකළපුවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් තොගයක් මඩකළපුව සුරාබදු අධිකාරියේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මඩකළපුව සුරාබදු නිළධාරීන් වෙත ලැබුණු තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ වටිනාකම රුපියල් හතලිස් එක්දහසක් බවයි වාර්තා වන්නේ.
වැටලීමේදී සිදුකරන අවස්ථාවේ එහි සිටි විදේශියෙකු ද සුරාබදු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගය සහ විදේශිකයා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී අධිකරණය විසින් විදේශිකයාට නියෝග කර ඇත්තේ රුපියල් පනස්දහසක දඩ මුදලක් ගෙවන ලෙසයි.